ආයුබෝවන් ආදරණීය දෙමාපියනි!
මේ තරගකාරී, වේගවත් ලෝකයේ අපේ දරුවන් හදා වඩා ගන්නේ කොහොමද කියන එක ගැන අපිට හැමදාම අලුත් අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. දරුවන්ට අධ්‍යාපනය, දක්ෂතා වගේම, ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් මනසක් ලබා දෙන එකත් ගොඩක් වැදගත්.
මේ වෙනුවෙන්, අපි අද කතා කරන්නේ මොළයේ විශේෂඥයෙක් සහ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් වන ඩැනියෙල් අමෙන් (Dr. Daniel Amen) මහතා ගැනයි. ඔහු විසින් රචිත “Raising Mentally Strong Kids” නම් වූ ජාත්‍යන්තර සම්මානලාභී කෘතිය, දරුවන්ගේ මානසික ශක්තිය ගොඩනැගීමට දෙමාපියන්ට මඟ පෙන්වන කදිම පොතක්.
ඔබට මේ වටිනා අදහස් සිංහලෙන් අහන්න, අපේ “සිග්මාකිඩ්ස් අම්මාගේ ලෝකය” පොඩ්කාස්ට් මාලාව අදම අහන්න පුලුවන්!
පළමු පියවර: මානසිකව ශක්තිමත් දෙමාපියන් වීම!
Dr. Amen පෙන්වා දෙන වැදගත්ම දේ තමයි, දරුවන්ට මානසික ශක්තිය දෙන්න නම්, මුලින්ම දෙමාපියන් වන අපිම මානසිකව ශක්තිමත් විය යුතු බව. අපි අපේ දරුවන්ට හොඳම ආදර්ශය විය යුතුයි.
දරුවන් සමඟ සබඳතා ගොඩනැගීමේ වැදගත්කම: අපේ දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවීම වළක්වා ගන්න දෙමාපියන් සහ දරුවන් අතර තියෙන බැඳීම හරිම වැදගත්. ඒ සඳහා දරුවන් ළඟ සිටීම සහ ඔවුන් වෙනුවෙන් ගුණාත්මක කාලයක් කැප කිරීම අත්‍යවශ්‍යයි. හරිම සරලයි වගේ පෙනුනත්, අපි ගොඩක් වෙලාවට නොකරන දෙයක් තමයි මේ.
දරුවන්ට තමන්ගේ අරමුණු හදාගැනීමට ඉඩ දෙන්න: Dr. Amen කියන්නේ දරුවන් තමන්ගේ ජීවිතයට අරමුණු හදාගන්න පුරුදු විය යුතුයි කියලා. ඒත් මේ අරමුණු අපි බලෙන් දරුවන් මත පටවන ඒවා නෙවෙයි. දෙමාපියන් විදිහට අපිට මොන වගේ දරුවන්වද හදන්න ඕන කියලා මුලින්ම අපි තේරුම් ගත යුතුයි. එතකොට ඒ අරමුණු එක්ක දරුවන්ට තමන්ගේම අරමුණු හදාගන්න උදව් කරන්න පුළුවන්.
වැරදිවලින් ඉගෙනීමට දරුවන්ට අවස්ථාව දෙන්න! “Love and Logic” කියන ක්‍රමවේදය හරහා Dr. Amen පෙන්වා දෙන්නේ, දරුවන්ට වැරදි කරන්න ඉඩ දීලා, ඒ වැරදිවල ප්‍රතිවිපාක විඳින්නට ඉඩ දිය යුතු බවයි. මේකෙන් තමයි දරුවන්ට තමන්ගේ ජීවිතයට වගකීම ගන්න පුරුදු වෙන්නේ.
උදාහරණයක් ලෙස: අපේ දරුවා උදේ පාසල් යන්න කලින් තමන්ගේ බෑග් එක පිළිවෙළට හදාගන්න අමතක කළොත්, එහෙම නැත්නම් දහවල් කෑමට ගෙනියන කෑම පෙට්ටිය සූදානම් කරගන්න බැරි වුණොත්, බොහෝ වෙලාවට අපි තමයි ඒක හරිගස්සලා, සමහරවිට පාසලට ගිහින් දෙන්නෙත්. ඒත් මෙවැනි අවස්ථාවලදී දරුවන්ට ඒ අපහසුතාවය විඳින්න ඉඩ දීමෙන්, ඔවුන්ට තමන්ගේ වගකීම් ගැන ඉගෙන ගැනීමට පුළුවන්. උදාහරණයක් විදිහට, පාසලට ගියාම තමන්ගේ පැන්සල් පෙට්ටිය නැති වුණොත්, දරුවාට තේරෙනවා ඊළඟ දවසේ ඉඳන් මතක ඇතුව බෑග් එක සූදානම් කරගන්න ඕන කියලා.
ඇත්තටම ගෙදර දොරේ වැඩකටයුතුවලට දරුවන්ව හවුල් කර ගැනීමෙන්, පොඩි පොඩි වගකීම් ඔවුන්ට පැවරීමෙන් (උදාහරණයක් ලෙස තමන්ගේම කාමරය පිළිවෙළට තියාගැනීම), ඔවුන්ගේ ආත්ම විශ්වාසය වැඩි වෙනවා කියලා හාවඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණයකින් පවා තහවුරු වෙලා තියෙනවා. ඒ නිසා, අපේ දරුවන්ගේ හැම ප්‍රශ්නයක්ම අපි විසඳන්න ගියොත්, අපි ඔවුන්ගේ ආත්ම විශ්වාසය හොරකම් කරනවා වගේ දෙයක්.
සම්පූර්ණ පොඩ්කාස්ට් එක බලන්න, අපගේ YouTube නාලිකාවට පිවිසෙන්න!
ඔබත් මානසිකව ශක්තිමත් දරුවන් හදන මේ ගමනට එකතු වෙන්න!
අපේ “සිග්මාකිඩ්ස් අම්මාගේ ලෝකය” YouTube නාලිකාව Subscribe කරන්න (@sigmakidsSL) අමතක කරන්න එපා. ඒ වගේම, මේ පොඩ්කාස්ට් එක ගැන ඔබේ වටිනා අදහස් comment කරන්නත් ඔබට පුළුවන්.
අපි ඊළඟ පොඩ්කාස්ට් එකෙන් හමුවෙමු!