දෙමාපියන් විදිහට අපිට තියෙන ලොකුම වගකීමක් තමයි අපේ දරුවන්ට සාර්ථක අනාගතයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය දැනුම සහ කුසලතා ලබා දීම. මේ අතරින්, මුදල් කළමනාකරණය කියන්නේ ජීවිතයටම අත්‍යවශ්‍ය මූලිකම කුසලතාවයක්. පුංචි කාලේ ඉඳන්ම මුදල් ගැන නිවැරදි අවබෝධයක් ලබා දීමෙන්, අනාගතයේදී ඇතිවන මූල්‍යමය අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්න ඔවුන්ට පුළුවන් වෙනවා.

අපේ අලුත්ම “අම්මාගේ ලෝකය” Podcast එකෙන් අපි කතා කළේ මේ වැදගත් මාතෘකාව ගැනයි. “දරුවන්ට මුදල් කළමනාකරණය උගන්වන සිග්මාකිඩ්ස් රහස!” යන නමින් ඉදිරිපත් කළ මේ පොඩ්කාස්ට් එකට නදීශා හෙට්ටිආරච්චි සහ ශානක පෙරේරා අප හා එක් වුණා.

දරුවන්ට මුදල් කළමනාකරණය උගන්වන රහස් පියවර 2ක්!

මේ පොඩ්කාස්ට් එකේදී, අපි ඔබේ දරුවාට මුදල් කළමනාකරණය පහසුවෙන් උගන්වන්න පුළුවන් ප්‍රායෝගික රහස් පියවර දෙකක් ගැන විස්තර කළා.

  1. දරුවාට කුඩා ඉතුරුම් බඳුනක් දෙන්න: මුදල් කළමනාකරණයට දරුවන්ව හුරු කරන සරලම හා මූලිකම පියවර මෙයයි. ඔවුන්ට තමන්ගේම පොඩි Piggy Bank එකක් ලබා දීමෙන්, මුදල් එකතු කිරීමට විශාල උනන්දුවක් ඇති වෙනවා. මුදල් නෝට්ටු සහ කාසි හඳුන්වා දී, ඒවායේ වටිනාකම සරලව පහදා දී, වයසට ගැළපෙන පොඩි පොකට් මනි මුදලක් ලබා දීමෙන් ඔවුන්ට තමන්ගේම මුදල් පිළිබඳ හැඟීමක් ඇති කළ හැකියි.
  2. සල්ලි ඉතුරු කරලා කැමති දෙයක් ගන්න පුළුවන් කියලා කියලා දෙන්න: ඉතුරු කිරීමේ වැදගත්කම දරුවන්ට තේරුම් කර දීමට නම්, එහි ප්‍රතිලාභය ඔවුන්ට ප්‍රායෝගිකව පෙන්වා දිය යුතුයි. ඔවුන් කැමති සෙල්ලම් බඩුවක් හෝ පොතක් වැනි පොඩි ඉලක්කයක් තබා ගැනීමට උදව් කර, එම දේ මිලදී ගැනීමට මුදල් ඉතුරු කරන ආකාරය සරල උදාහරණ මගින් පහදා දෙන්න. අද වියදම් නොකර ඉතුරු කරන මුදලින් අනාගතයේදී විශාල දෙයක් මිලදී ගැනීමට හැකි වන බව ප්‍රායෝගිකව පෙන්වීමෙන්, ඔවුන් තුළ ඉතුරු කිරීමේ පුරුද්ද වර්ධනය වේ. සෑම විටම ඔවුන්ගේ කුඩා ඉතුරු කිරීම් දිරිමත් කර ප්‍රශංසා කරන්න.

මුදල් කළමනාකරණය කියන්නේ අපේ දරුවන්ට මුල් අවදියේ සිටම ඉගැන්විය යුතු හරිම වැදගත් ජීවන කුසලතාවයක්. මේ සරල පියවරයන් ඔස්සේ ඔබේ දරුවාට මූල්‍යමය වශයෙන් ශක්තිමත් අනාගතයක් ගොඩනගා ගැනීමට උදව් කරන්න.

සම්පූර්ණ පොඩ්කාස්ට් එක බලන්න, අපගේ YouTube නාලිකාවට පිවිසෙන්න!

තවත් මේ වගේ වැදගත් කරුණු සහ දෙමාපිය ඉඟි දැනගන්න, sigmakids.lk වෙබ් අඩවිය සමඟ රැඳී සිටින්න. අමතක කරන්න එපා, අපගේ @sigmakidsSL YouTube චැනල් එක Subscribe කරන්න!

How useful was this?

Click on a star to rate it!

Average rating 0 / 5. Vote count: 0

No votes so far! Be the first to rate this post.

We are sorry that this post was not useful for you!

Let us improve this post!

Tell us how we can improve this post?