ESSAYS
Sinhala Essays - Grade 04

 
කතන්දරයක්

අරුණි පාසල් ඇරී ගෙදර එනවිට හොදටෝම වහිනවා.
අරුණිට කුඩයවත් ඉහළගෙන එන්න බෑ. ඒ තරමටම වහිනවා. අරුණි එනවිට බලු පැටියෙක් පාරේ තෙමි තෙමි සිටියා. ඉතින් අරුණි ඒක දැකල බලු පැටියා ළගට ගියා.
ඊට පස්සෙ අරුණි බලු පැටියාවත් අරගෙන ගෙදර ගියා
ගෙදර ගිහින් අම්මාට එ කතාව කිව්වා පස්සෙ අම්මා කිව්වා බලු පැටියාව නාවන්න කියලා පස්සෙ බලු පැටියාව නෑව්වා. බලු පැටියාට නමක් දැම්මා ටිටෝ කියලා ඊට
පස්සේ අරුණි කෑම කාලා බලු පැටියාටත් කෑම දීල නිදා ගත්තා.
උදයෙන්ම නැගිට පාසල් ගියා එයා ගෙදර ආවාම බලු පැටියා නැහැ. දැන් එයා හරි ලොකුයි. අරුණි අම්මාගෙන් ඇහුවා. කෝ ටිටෝ කියලා අම්මා කිව්ව මෙන්න ටිටෝගෙන් තෑගි
කියල ඊට පස්සෙ අම්මා පෙන්නුවා. ටිටෝගේ පැටව් අරුණි ටිටෝගේ පැටව් දැකලා ගොඩාක් සතුටු වුණා.

පුජානි සචිත්‍රා
4 වසර
ශ්‍රි සුමන්ගල බාලිකා මහා විදුහල